Home/Songs/මියදෙන්න පෙර ආයෙ එකම වරක්

මියදෙන්න පෙර ආයෙ එකම වරක්

Miyadenna Pera

Font size:
මියදෙන්න පෙර ආයෙ එකම වරක්
දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්
උනදේ උනා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන්

මේ රිදුම් ඉකි ගසා - ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා -  ඔබ ගියා ඔබ ගියා
මේ රිදුම් ඉකි ගසා - ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා - ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරනා දහසකුත් ඇතත්
රිදවන්න මයි හිතුවෙ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යලිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්

දුර යන්න හැකි උනත් මා හැර හුඟක්
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්
හැමදේම නැති වෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නෙ ඔය හිත තරම්

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.