Home/Songs/මං තව දුර

මං තව දුර

Man Thawa Dura

Font size:
මං තව දුර තනියෙම යන්නම්
හද්දින්නත් තරු පාර කියනවා නම් 
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්//

ඇවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අඳුනන තනිකම
මගේමයි කියන්නම්
සඳත් එක්ක පායන ඉරමල
නෙතින් හමුවෙතැයි සිතන්
හිතක් අරන් දියඹට ගිය ගඟ
කොහේ හැංගුවේ කියන් 

මතක් වෙන්න අමතක වෙන්නැති
හිතත් මගෙ වෙලා නම්
තවත් යන්නෙ කොහොමද තනියෙම
මමත් මගෙ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන 
යලිත් නුඹ එතැයි සිතන් 
හෙටක් අරන් ආපහු එනකම් 
නුඹේමයි කියන්නම්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.