Home/Songs/අජානීය ස්කූටර් තුරඟා පිට

අජානීය ස්කූටර් තුරඟා පිට

Ajaniya Skootar

Font size:
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුණා

සූ සැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සගය සිනා නගනා
ප් ‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියෙයි ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.