මල් මුතුලැල්
Mal Muthulel
Music: සරත් ද අල්විස්
Font size:
මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ.. මා සඟවා තබයි ඔබේ රාජධානියේ.. ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ... මා සිතගාවමයි ඔබේ තාරකාවියේ... හෝ...හෝ...හෝ...හෝ... // නිල් නුඹවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ.. මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ.. රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ.. මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ.. ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳෙ... මල් මුතුලැල්... හෝ...හෝ...හෝ...හෝ... // ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ.. මාරුතයෙන් චාමරවන් ගායනා රැඳෙ.. රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ.. නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ.. ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳෙ.. මල් මුතුලැල්... හෝ...හෝ...හෝ...හෝ... ////