Home/Songs/චයිනා ටවුන් - ලා සිංඤෝ

චයිනා ටවුන් - ලා සිංඤෝ

China Town - La Signore

Music: ලහිරු පෙරේරා Lyrics: මනුරංග විජේසේකර
Font size:
චයිනා ටවුමේ රිංගා ඉන්නා මූ වැඩකරු නින්ජා
චැන් චුන් ගාලා කංකුං කාලා ඔළුවෙන් හිටගත්තා
වංචා කරලා නින්දා වින්දා ෂැංහයි වල අයියා
ලැජ්ජා හින්දා පැන්ඩා අරගෙන මිනිහා රට පැන්නා
මකරෙක් ඉන්නවා අපේ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ නොකරත් බෑ ඩොන් ලී තමයි අපේ ලොක්කා
පලතුරු කඩ හතරක් වික්කා හොඳ මිනිහා මගේ මිතුරා
නටපන්....... ලා සිංඤෝ..... නටපන්..... ලා සිංඤෝ.....

මල්වෙඩි හදලා ඒවා යවලා ටවුමම ගිනි ගත්තා
(ටවුමම ගිනි ගත්තා)
චීන මහා ප්‍රාකාරෙන් පැනලා රැවුල බේරගත්තා
(රැවුල බේරගත්තා)
චීන වරායට නැවකින් ඇවිදින් මෙහාට පැනගත්තා
පඩියක් නැතුවම හයිවේ හදලා මෙහෙම බින්න බැස්සා
මකරෙක් ඉන්නවා අපේ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ නොකරත් බෑ ඩොන් ලී තමයි අපේ ලොක්කා
පලතුරු කඩ හතරක් වික්කා හොඳ මිනිහා මගේ මිතුරා
නටපන්....... ලා සිංඤෝ..... නටපන්..... ලා සිංඤෝ....

අංක තහඩු නැති අපේ කමක් නැති
හිතේ තෙතක් නැති මුහුණක් අතරේ
කොන්ඩේ බැඳලා අපි සාරි ඇඳලා 
හොඳ හැට්ට මහලා දැන් අපිමද නැටුවේ
හති වැටිලා හති වැටිලා රට වැටිලා බිම ඇනිලා
යන හැටි දැකලා අඬ ගහලා කන තියලා 
කට ඇරලා කියපන් ශ්‍රී ලංකන් කියලා.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.