Font size:
තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා මල් ගොමු සිප එන සිහිල් පවන් රොද තුරුලිය සනසවනා මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා ගලින් ගලට පැන කෙළිනා දිය කඳ හෝ හෝ හෝ නදිනා මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නඟලා
Singers
Data
Last updated May 2026