හිරු ඉපදෙන විට
Hiru Ipadena Wita
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි // දෙදෙනා බැඳී පෙම දෙදෙනා සුරකින බව මට විශ්වාසයි අවිහිංසක ඔබ මට හිංසාවක් නොකරනු විශ්වාසයි අතැඟිලි පටලා බැදගත් අත්වැල නොබිඳිනු විශ්වාසයි සඳකඩ පහනක් ලෙස මා පා යුග සිපගනු විශ්වාසයි හිරු ඉපදෙන විට... අපමණ බාධා ආවත් ඔබ මට ගැති බව විශ්වාසයි කාට අකීකරු වූවත් මට කීකරු වනු විශ්වාසයි මා හරි දිලිඳුයි පොහොසත් නොම වෙයි එකත් විශ්වාසයි රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර යයිද අවිශ්වාසයි හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි //
Singers
Data
Last updated May 2026