Home/Songs/ඔබේ දෑසයි

ඔබේ දෑසයි

Obe Dasayi

Music: අමරදේව W D Lyrics: මහගමසේකර
Font size:
ඔබේ දෑසයි - ඔබේ දෑසයි - නීල උත්පල දිගැටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි - කිඳුරු දෑසයි

ඈත අහසේ තාරකා සේ - වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත් -  ළඟක සිටියත් - ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

ඔබේ අඩවන් නුවන් දුටු සඳ - රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස - නිවන් ගිනි නිව දැවෙන  මා හද
නිවන් ගිනි නිව දැවෙන  මා හද

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.