Home/Songs/වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ

වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ

Watunu Wahi Bindu Noweda Dola Wune

Music: රෝහණ වීරසිංහ Lyrics: අතුල අයදේව
Font size:
වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ
පොහොට්ටුව නොවෙද පිපි මල උනේ
පොඩි පැලය නොවෙද මහ ගස උනේ
පුතේ නුඹ කවදාද මට වඩා උස උනේ 

නිදන ඇඳ දැන් ඇත්තමට නුඹට පොඩි තමයි
අඳින කමිසය ඇගට හොදටම හිර තමයි
මගේ සපත්තුව පයට හරියටම හරි තමයි
මටම මහ පුදුමයක් පුතේ නුඹ මම තමයි

නුඹේ ඇස් මට වඩා බොහෝ දුර දකිනවා
මට වඩා හැම දේම නුඹ හොදින් අහනවා
හොදටෝම හොද පුතෙක් මං නුඹෙන් දකිනවා
මාත් මහ පින්කමක් කල බවක් දැනෙනවා

වැටුනු වැහි බිඳු ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.