Font size:
සඳ පායන ලස්සන සීතල දවසක රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන මින් පෙර නොව සුව රහසක් මට ඇසුනා නා දළු වන් ඔය සියුමැලි තොල් මත පොපියන හසරැල් අතරේ සැඟවුන පැතුමද සෙනෙහස බව නම් මට හිතුනා මත් වී මා සිතේ හැඟුමන් සැතපේ ඔබ හා රහසින් රඳවා මා සිතේ සැනසුම් සොයමී ඔබගේ උණුසුම් ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා ඔබ කීව රහස ආදරේද මන්දා හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා නැහැනේ මා සිතේ ඉවසුම් සොයමී ඔබගේ උණුසුම් හැමදාම උන්නෙ පාළුවේම හින්දා වෙන්වී නොයන්න වේදනාව රන්දා මා ගාව ඉන්න ආදරේම කැන්දා රඳවා මා සිතේ සැනසුම් සොයමී ඔබගේ උණුසුම් මත් වී මා සිතේ හැඟුමන්......//