කඳුළු අතරට සිනා රැළි
Kandulu Atharata Sina Rali
Lyrics: දයා ද අල්විස්
Font size:
(කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමි ජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි)..// සුවඳ සුදු මල් හිනා වෙද්දි කවුළු දොර ළඟ අතු කොනේ ඒ මැදින් මම හොරෙන් අතුරමි හදවතේ බැතිබර සෙනේ සැදෑවක ඔබ සඳැල්ලට වී තනිව ලතවෙන වෙලාවේ ගීයකට රස පද එවන්නම් සඟවලා රන් වලාවේ බුදුන් පාමුල වැඳ වැටෙද්දී බැතින් බර වී සැනහිලා පිදූ මල් මැද සුවඳ දුම් මැද පැතුම් පුරවමි හිනැහිලා යහනකට වී අඳුර ඉවසා රැය ගෙවී යද්දී ඉබේ සඳ කැරැල්ලක් සමඟ පාවෙමි කවුළුවෙන් කුටියට ඔබේ කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමි ජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි ආදරේ කවියක් වෙමි
Singers
Data
Last updated May 2026