Home/Songs/මේ මුළු අහසම මට මදි

මේ මුළු අහසම මට මදි

Me Mulu Ahasama Madi Mata

Font size:
මේ මුළු අහසම මට මදි ඔබ ගැන
මෙතුවක් නොලියූ ගීය ලියන්ට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්ට //

සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති
මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට

මේ මුළු අහසම ....

සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් මේ ගැන සිතිහැකි මට
ආදරයට සිත් දහසක් ලොව නැත

මේ මුළු අහසම ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.