Font size:
මගේ හීනේ බිඳි නොයාවී රහසේ ඔයා හිඳිවී කාටවත්ම නොකී ඒ රහස හිතේ තියේවි දෑස ඔබේ කීව කතා මාගේ හිතේ රැඳේවී ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා ඉඳිමු ඉතින් අපේ වෙලා.....// (ඈත සඳේ සීත ඇවිත් රහස් කියා යයි කෝල හිතේ ආල හැඟුම් හරි දඟකාරයි....//) ආදරයෙන් කීව කතා මාගේ හිතේ රැඳේවී ලොවට හොරා හීන ලොවේ තුරුළු වෙලා ඉඳිමු ඉතින් අපේ වෙලා..... මගේ හීනේ...... (සසර පුරා මගේ පැතුම ඔබේම වෙන්නයි මිහිපිට ඇති එකම සුවය ඔබේ ආදරයයි....//) ඔබයි මමයි පැතු පැතූම් සදා හදේ රැඳේවි ඔබේ වෙලා මගේ වෙලා තුරුළු වෙලා ඉඳිමු ඉතින් අපේ වෙලා..... මගේ හීනේ......