Home/Songs/කුල භේද අග හිඟ

කුල භේද අග හිඟ

Kula Beda Aga Hinga

Font size:
[ මදෑ ගම රට අතහැරල කොළඹ නගරෙට ආව, 
අතන මෙතන රස්තියාදු වෙන්න! ]

කුල භේද අගහිඟ හින්දා 
ඉවසන්න බැරි තැන හින්දා
[සැනසීම සොය සොය කොළඹට 
අපි ආව දුවගෙන පහලට]//
තිබුනාට ගමරට හුට පට 
වැටුනාද කබලෙන් ලිපකට
[ඇවිදිල්ල දුර සිට කොළඹට 
පැනපල්ල දැන් අර බේරෙට]...//
[දෑත වන වනා අපි ආවේ 
තූත්තුකුඩියේ සිට ආවේ]//
[පැලවන්වෙන්නට අපි ආවේ 
කැහැපට ගහගෙන අපි ආවේ]//
කොළඹ මොකද රත්තරන් තියෙනවද
වෙස්සන්තරලා දොර දන් දෙනවද
සාක්කු කපමුද කසිප්පු පෙරමුද
මාංචු දාගෙන හිරේට වැටෙමුද
[මොනවද නැත්තේ කොළඹරටේ
ටැක්සියෙ නැගලා යමුද වටේ]...//

අහස උසට තට්ටු ගෙවල්
වීදි දිගේ විදුලි පහන්
[විස්කි බ්රැින්ඩි එක්ක වහල්
තංගසාල මෝට කාර්]...//

වේටර්වරු කොණ්ඩෙ බඳින
ටසන්ලා ඇඟ වඩවන
[සුදු වැල්ලේ අව්ව තපින
නිදි කෙල්ලෝ ජෝගි නටන]//
නොදෝමකින් ආපු ගමන
පිස්සු රැලක් එක්ක අමන
[ඔන්න ඉතින් කොළඹ නගරෙ
මේ සම්පත් කොහෙද උතුරෙ]...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.