උඩරට මැණිකේ
Udarata Manike
Music: පැට්‍රික් දෙණිපිටිය Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ ඔසරි මාල වළළු කූරු හවඩි ඔබට හරි හැඩයි සුනිල් ජලේ රණ හංසිය වාගේ ලලිත ගමන සිත නළවයි ඈගේ සුබ ගමන් යන්න හැන්දෑවට නුවර වැව වටේ මිණි පහන ඔබයි ඔබයි කන්ද උඩ රටේ තෙල් මල් ගෙන දළදා මන්දීරේ වඳින්න යයි පියගැට පෙල පාරේ ඔබ දිහා බලන එක බැල්මක වැවේ මල් පිපේ මනමාලි ඔබයි කඳුකරේ අපේ නුවර ඇසළ පෙරහැර ඇති කාලේ මුළු රටම දකියි ඔබෙ කෝමල තාලේ මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ රූ රැජිණ තමයි මැණික සිංහලේ