විදුලි කොටයි
Viduli Kotai
Music: චතුරංග ඩිසිල්වා Lyrics: ගිහාන් චාමික
Font size:
ඉරිමාවක පිපුනද ඉරමල් මඳහාසිනි නිල් මානෙල් පෙතිදෝ නිල් ඇස් මට යාවුනි මාත් රාගැන නොහිතා ආල කවිය ලියවුනී රජ වෙන්නම හිතුනා වෙනවද මගෙ රාජිනි හද ගැස්සුවා අප්සරා මං ගොළු වුනා ඔය අත පතා මං ඉතා තැන්පත් වුණා විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි විකාර බඹරුන්ට මල් පිපෙන කාලේ වැරැද්ද දැක්කේම නෑ කුමාර බඹසරට අඩුපාඩු නෑනේ රොනින් එහා ගියේම නෑ මල් උකුලේ ඇලවෙන්නම් පෙම් යායේ නැලවෙන්නම් (විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි...//) කොපුල් තලාවන්ගේ වැසි වසින හාදු මවන්න හිත නැතුව බෑ මලෙවිගෙ විල්තීරෙ රන්හංස ජෝඩු සීතල උහුලන්නේ නෑ දඟ දෙතොලේ පැටලෙන්නම් ළං ළංවී දැවටෙන්නම් (විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි...//)