නිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය)
Nil Nilupul Dasin (Sudu Anguru Theme Song)
Music: උදාර සමරවීර Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
නිල් නුලුපුල් දෑසින් වෑහෙනා ප්‍රේම කඳුලින් මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින් (මට මුළු ලෝකේ ජයගන්න ඕනේ ඔබ හෙවණැල්ල වී ඉන්න ඕනේ....//) (සුන්දර බව ලෝකේ වැටහුනේ හිතට ඔබගෙන්...//) මගේ ජීවිතේ හැඩය ඔපවත් කළේ ඔබ ඇන්ද ආදරයේ චායා හිත අස්සේ කිති කැවෙන මගේ ආදරේ ඔබේ හිතට දැනෙනවාද මන්දා (ආදරේ එහෙම දැනුනාට අපේ හිත් වටා සිහිනයක් වෙන්න නම් දෙන්නෙපා.....//) (මට මුළු ලෝකේ ජයගන්න ඕනේ ඔබ හෙවණැල්ල වී ඉන්න ඕනේ....//) (සුන්දර බව ලෝකේ වැටහුනේ හිතට ඔබගෙන්...////)