Font size:
ආරාධනා නෙතඟින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කලා... හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා. ඔය දෙකපුල් තෙමා රන් නා දළු සිඹින් මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින්... සන්සුන් සිතින් පෙරමග ඉඟි බලන් මගේ රණහංසි ඒ දෝ කියා... දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයි නෙ මා... හුස්මත් උණුයි කඳුළුත් හඬයි මට ඉන්න බෑ හරිම පාළුයි මතකය නුඹයි එතකොට දුකයි දිවි ගෙවෙනවා දෝ හරි සැකයි... මේ කුලුමතින් රිදී ඉර නුඹයි මං දන්නවා නුඹ නොඑනා හැඩයි සන්සුන් සිතින් පෙරමග ඉඟි බලන් මගේ රණහංසි ඒ දෝ කියා... දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයි නෙ මා...
Singers
Data
Last updated May 2026