සිහිලැල් වූ
Sihilel Wu
Music: තාරක කරුණානායක Lyrics: නිලාර් N කසීම්
Font size:
සිහිලැල් වූ සිහිනෙක මා හා... දැවටී ආවා.. ඔබෙ සේයා... සිහිලැල් වූ හැඟුමක මා හා... උණුසුම ඈඳා සදා... හසරැලි කෝල මුවමතින් පිපුනා කිංකිණි නාද දී නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ මුවරද රේණු රොන් පිරී උතුරා සුවඳට හාදු දී... පුබුදයි ජීවිතේ... කැකුළකි ආදරේ ... ගිනියම් වූ සිහිනෙක මා හා දැවටී අවා ...ඔබේ සේයා... හ්ම්ම් ගිනියම් වූ සිහිනෙක මා හා සිහිලස දැල්වූවා මෙදා... හසරැලි කෝල මුවමතින් පිපුනා... හිත හීලෑම නෑ නෙතු මානෙන් එහා ඉගිලේ නිබඳේ හිත උන්මාද දී සද හා හාදු වී... නුබ මං ගාව නෑ සබැඳේ... හසරැලි කෝල මුවමතින් පිපුනා...// සිහිලැල් වූ සිහිනෙක මා හා.. දැවටී ආවා ඔබේ සේයා...
Data
Last updated May 2026