Home/Songs/ඔබ හීනයක්‌

ඔබ හීනයක්‌

Oba Heenayak

Font size:
ඔබ හීනයක්‌ හීනයක්‌ වී හිඳින්න මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ//

ජීවිතේ වේදනා සුළඟේ පාවුණා
ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්
සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා

ඔබ හීනයක්‌............

රෑ අහසේ සඳ වීලා - ආවාද පායලා
දෑතේ මාගේ දැවටීලා - ඉන්න ලඟම හිනැහිලා
ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා

ඔබ හීනයක්‌............

මල් යායේ හැන්ගීලා - නෙත් කොනින් බලා එදා
ඒ කුමරි මගෙ වීලා - දැන් ඉතිං මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා
ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා

ඔබ හීනයක්‌............

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.