මාලිනියේ
Maliniye
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
හිරු පිබිදෙන විට කඳුවැල් අතරින් රැස් දහරක් වී ඔබ එන්නේ නෙත් හරවා මම ඉවත බැලූ විට මල් කැකුළක් වී හිනැහෙන්නේ ඔබගෙන් වෙන් වී තනි වී ඉන්නට ඇයි මාගේ සිත විමසන්නේ එනමුත් එසේ මා තනිවූ මොහොතක සිතුවිල්ලක් වී ඔබ එන්නේ මාලිනියේ මාලිනියේ මාලිනියේ මා ලාලනියේ... දෙනෙත් යොමා මා අහස බැලූ සඳ හිරු සඳු වී ඔබ හිනැහෙන්නේ මග තොටදී මා තනිවූ මොහොතක සෙවණැල්ලක් වී ඔබ එන්නේ මාලිනියේ මාලිනියේ මාලිනියේ මා ලාලනියේ... නිදි යහනේ මා දෙනෙත් වැසූ විට සිහිනෙක දැවටී ඔබ එන්නේ ගීයක පද මැද තනිවූ මොහොතක තනුවක් වී සවනට එන්නේ (මාලිනියේ මාලිනියේ මාලිනියේ මා ලාලනියේ)...//