Font size:
හිස් ටින් එකේ ඉඩකඩ ඇතේ
වරෙන් යන්න මා හා යං කියා රා බෝතලේ
හිස් ටින් එකේ මොනවත් නැතේ
දැන් නම් ඉතින් ඇත්තේ සුළං විතරයි මලේ

හිස් ටින් එකක් වාගේ ජීවිතෙ මාගේ
සාදෙටම බැරකුඩා
රෑ එළි ගිනියම කළ පාසිකුඩා රාමකුඩා
තාම පුද ගං මාව බුධාස්
රෑ මකුණු ගඳයි මම තවම බයයි
වැහි අකුණු වයලා
මට තවම ණයයි මම
හිනාවෙන්න සල්ලි දාල මට තහනම
ජීවිතේ බාගයක්ම ගෙවුණේ ගහල වහලම
කොණ්ඩෙ හැලිලා මගෙ ඔලුව කහලම
ඇතිවෙලා ඉන්දෙනවා බිම මට මහමග
ඉහේ දාන කැත දැන් දෙන්නේ මහලම
බැනුම් තොගයට බැලුවෙම මම පහලම
ඇති වෙලා මට වැල්ලේ රෙදි වනලම
අහස සුද ඇවිල්ල නිල් බලලම
කාලය යන්නේ ආවොත් කට ඇරලම

හිස් ටින් එකේ...

මට ලෝකේ පය ගහගෙන ද්වා හා ජීවිතේට මාව විහිළුවක්
හීන ගැන කන කටු නෑ ද්වා හා සල්ලි එක්ක යන යාළුවොන්ගේ ද්වා හා
ජීවිතේ හිස් ටින් එකක් කාසි තිබ්බත්
වාසි වලට ඉගිලෙන බලූන් එකක්
කපන්න බලන් ඉන්න අත අද ඉම්බත්
ඕන තැනදී බෙල්ල කයි බලූ
සල්ලිත් නෑ දෙය්යෝත් නෑ
ගානක් දීපු කෙල්ලත් නෑ
එකට කාපු බීපු මිත්‍රයො අද ලොවෙත් නෑ
නිසා මේ ලෝකේ උපත වැටහෙන්නේ දැන්
මට ඉස්සි ජීවිතේ දස් විස්සගෙන් දා
නැගිටපාන් නැගිටපාන් එළි වෙලාම නැගිටපාන්
රුපියල එක දෙක වැඩි වෙලා දෙන්ට ඕනේ ගිල්ලපාන්
අද වෙනකොට කුඩු වෙලා මට ඇති වෙලා මේ ජීවිතෙ ගෙවල ගෙවල
හිතම තැනක හීන අගිස් තිබ්බ  උඹත් එක්ක බාං

හිස් ටින් එකේ...

ජීවිතේ අමතකයිද මධුවිතේ රහට රැවටිලා
දිනෙන් දිනේ ගෙවෙන්නෙ මීවිතේ බලන් පුතේ
මෙ මාවතේ සතේ නැතේලු හාමතේ ම හෙලන කඳුළු
මටම හොරෙන් පැනල යනව මාරුතේ
බාධක පල්ලම් පරදනවද මගහැර යනවද මොනවා කෙරුවත්
ආදර සෙල්ලම් සමරනවද අමතක වෙනවද මොනවා සිතුවත් 
ජීවිතේ හිස් හිස් ජීවිතේ පුරවන් මතු භාවයට ගෙනියන්නට දැන්මම 
රැස් කරගන් එක් කරගන් පින් නොපමාවී ගිය

මම වඳින්න සාදු ට
ජීවිතේ දාදු ද
සාක්කුව පාළුද
මුණ මනාලු ද
අම්මෙ අත පාළුද
ණයට මාරු ද
මාරය යාළුද
බඩට පාඩුද 
අම්මප දෙන්නප්පං තාලෙට කියප්පං
වයසට යන මට පවනෙ හැපිනා
ජීවිත කීයක් නම් වන්නම්
පහන් කීයක් නම්
ඕන වෙන්නේ කරන සෝ
ප්‍රශ්නය කියක් නම්

හිස් ටින් එකේ මොනවත් නැතේ
වරෙන් යන්න මා හා යං කියා රා බොන්ඩ නේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.