Home/Songs/බොරු චෝදනා මවා මට හැමවෙලේ

බොරු චෝදනා මවා මට හැමවෙලේ

Boru Chodana

Font size:
බොරු චෝදනා මවා මට හැමවෙලේ
සමුගත්තෙ ඔබ මිසක් මමනම් නොවේ
යන්තම් සානුකම්පාවක් ඇතිනම් සිතේ
ඔබ නෑ මාව රිදවන්නෙ අද මේ වගේ
අලුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිමවෙලා
මවෙතින් ලැබුන සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා
නැවතත් එන්න හැකිනම් ලඟට සැනෙකින් පියනගා
අදටත් ඔබව මාගේ පනට වැඩියෙන් වටිනවා

ඔබව නැති ලොවක් පෙනෙන සිහිනෙකත්
දුටුවෙ නැති නිසා මම එදා
නැවත හෙට ඉදන් බිදුනු හිත හදන්
ඉන්නෙ කොහොමදෝ තනිවෙලා...//
අලුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිමවෙලා
මවෙතින් ලැබුන සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා
නැවතත් එන්න හැකිනම් ලඟට සැනෙකින් පියනගා
අදටත් ඔබව මාගේ පනට වැඩියෙන් වටිනවා

මතක පොදිබැදන් චිතකයක් හදන්
එයට ගිනිතියා දල්වලා
කොහොම අළුකලත් ඔබව මතකයෙන්
දුරස් වෙන්නෙ නෑ කිසිමදා...//

බොරු චෝදනා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.