අනුරාගිනී
Anuragini
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: ආරධනා ඒකනායක
Font size:
අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින් ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින් වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී (දුක දීලා පිටුපා ගිහින්නේ...//) ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ මගේ හීනේ සඳ රාජීණි ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී (දුක දීලා පිටුපා ගිහින්නේ...//) රෑ සීත යාමේ ඈ මා ළඟින් දැවටිලා පෑවේ ආදර හැඟුම් වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ මගේ හීන සඳ මාලිනී ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී (දුක දීලා පිටුපා ගිහින්නේ...//) අනුරාගිනී.....