Home/Songs/පාළොස්වක සඳ පායනු වැන්නේ

පාළොස්වක සඳ පායනු වැන්නේ

Paloswaka Sanda Payanu Wenne

Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා

සැතපෙන නින්දෙදි රෑ තුන්යම 
හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා එමසඳ 
ඔබේ රුව මං දුටුවා

සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිඟු ගී රැව් නගනා
සවනත බිඟු ගී රැව් නගනා

පාළොස්වක සඳ...

කියා ගන්න බැරුවා හිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා මාගෙ සිත ආදර මල් පිපුණා

තුන්හිරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්නා 
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා

පාළොස්වක සඳ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.