Home/Songs/දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්)

දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්)

Dumburu Lamissi (Santhapa Thawul Nam)

Music: චින්තක ජයකොඩි Lyrics: රනුක ජීවන්ත
Font size:
සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරේන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුළුවෙන් ඉගිලුනා ඔබ මගෙන්…

(එදා සොඳුරු හිතැත්තී
වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී...//)

තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්…

එදා සොඳුරු…//

කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනිපාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ජීවිතෙන් බොඳවුණා නුඹෙ සුසුම්…

එදා සොඳුරු…//

සංතාප තැවුල් නම්...

එදා සොඳුරු…//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.