Font size:
මල් කලඹක් දෑත යාවුණේ සඳ අඟනක් දෑස විහිදුවේ ඉපනැල්ලේ පා තියා සැනසිල්ලේ පා වෙලා ඈ ආදරේ මුමුණති මේ ජීවිතේම හිනැහී ප්‍රියාදරී ඕ... ප්‍රියාදරී... පිනි යායක් සීත මවමින් පිනි සලනා මනමාලී හීන මවමින් පෙම විඳිනා ප්‍රීති ඝෝෂා යාය පීරනා ඕ රුව වෑහෙනා ඇය වාසනා... සෑහෙනා සනාථ වාසනා කල්පයක් පතාන ගෙනාව විරාගී ආදරේ රෑ පවා සියාව නෑවෙනා රන් සඳක් හඹාව මවාන ඉඳිවී ජීවිතේ පීහි තණ සඳ යායේ යායේ හීනේ අරන් තේරුම්ගෙන හීනේ ඇගේ ලෝකේ තරම් වාරම් ගැයු සිහිනේ ළං වී දැන් (හදවත ඒ කතා තේරී දෙනුවන ආදරේ කීවේ සසරම ළං වෙලා ඉමි හදවත ඉපිලෙනා ගීතයේ...//) මල් කලඹක්... (හදවත ඒ කතා තේරී දෙනුවන ආදරේ කීවේ සසරම ළං වෙලා ඉමි හදවත ඉපිලෙනා ගීතයේ...//)