Home/Songs/බර බාගේ නැගී

බර බාගේ නැගී

Bara Bage Nagi

Font size:
බර බාගේ නැගී කඳු හෙල් 
පසු කරමින් යනෙනා මංගල ගමනේ 
ප්‍රීති වෙමින් යස රබන් සුරල් පද 
වයා නටති සතුටේ//

උඩට උඩු වියන් යටට පාවඩ 
කුල සිරිතට මුල් තැන දී//
කැන්දන් එන මේ රූබර ළඳුනේ//
කන්දේ දෙවියන්ගේ පිහිටයි 

බර බාගේ...

මංගල පෝරුවේ තහංචි ජයගෙන 
සුබ නැකතින් අෂ්ටක කියලා//
මනාල යුවලට ආසිරි පැතුවේ//
ජය මංගල ගී ගයලා 

බර බාගේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.