Font size:
නංගියේ මොකද ගොම්මනේ මිදුල මැද - සිනා වෙවී තනියෙන් වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ - කියන්න බැරි සතුටෙන් මල් කුමාරයෙක් ඉස්සර මා ගාවට ආවයි නුඹ වගේ මමත් මිනා වෙවී සතුටින් හිටියයි දූ සිඟිත්තියක් හෙමින් සැරේ දෝතට වැඩියයි මල් සිනා නැගූ ඇස් දෙක උණු කඳුළින් පිරුණයි මග තොටේ ඉඳන් මිනිස් වෙසින් විත් වග වලසුන් ළං වෙලා කතා කරයි කියා නැති නෑදෑකම් මග හොඳට තිබෙි නම් දෑසත් හොදට පෙනේ නම් නුඹ පරිස්සමින් පය තියපන් බැදි වල නොගිහින්
Singers
Data
Last updated May 2026