ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
Adara Seenuwa Pem Lowa Dora Laga Raw Denne
Font size:
(ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ ජීවන විජිතේ ආදර දෙවගන හිනැහෙන්නේ ලස්සන හදවත් පමණයි ආලය හදුනන්නේ මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ)..// කාගේ වේවා ලේ එක වාගේ දිස්වන්නේ අහසයි මුහුදයි ලංවී දෙනුවන් රවටන්නේ ආලය මායා සිහිනය මේදෝ නැහැ දන්නේ ආලය විසදුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ ආදර සීනුව ..../ සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ මාගෙ දුප්පත්කමටයි ලොව එදිරිව ඉන්නේ ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ ආදර සීනුව ..../
Singers
Data
Last updated May 2026