Home/Songs/තරහා වුනත් මට ඉන්නට බෑ

තරහා වුනත් මට ඉන්නට බෑ

Tharaha Unath Mata Innata Ba

Music: ප්‍රියන්ත නාවලගේ Lyrics: ආරධනා ඒකනායක
Font size:
තරහා වුනත් මට ඉන්නට බෑ
ඔය ඇස්දෙක මට මතක් වෙලා
කතා නොකර සිටි දවසම පාළුයි
ඉන්නට බෑ තව ඈත් වෙලා
ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ

නොදැක ඉන්න හැම මොහොතක් ගානේ
ඇස් දෙක කඳුළින් තෙත් වෙනවා //
හුස්ම වැටෙන හැම මොහොතක් ගානේ
ඔයා ගැනට මට සිහිවෙනවා
ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ

තරහ උනත් නෑ තරහක් මාගේ
ඔයා තමයි ජීවිතේ මගේ //
තව එක සැරයක් සමාව දෙන්නකෝ
ඔයාව හඬවන් නෑ ආයේ
ඔයාට මං ආදරේ .... ඔයාට විතරයි ආදරේ //
ඔයාට විතරයි ආදරේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.