Font size:
බා ලොලි ලොලි ලොලි ගීත නොකිව්වට ඇඟ ලේ කිරි කර අපට නොපෙව්වට රට ගිය අම්මාවරුනට වැඩියෙන් ඔබේ සුවඳ සෑහේ පියාණනි ඔබේ සුවඳ සෑහේ චූටි මල්ලිලා දෑත දරාගෙන චූටි නංගියා උකුලේ හොවාගෙන අම්මා නැති දුක් නිවාලන්න ඔබ හිනා කතාබහ අපට කියුවත් හෝ හෝ ගාලා ඔබ හඬනා හඬ රෑ නින්දේදී අපට ඇහෙනවා නාඬන් පියාණනි// බා ලොලි ලොලි... අම්මා නැති අඩු පිරේවි දයාවෙන් සම්මා සම්බුදු වෙන්න පියාණෙනි ඉස්සර කාලේ බඩගිනි දා අම්මා වැළලු තැනට යමන් යයි පුංචි දවස් වල අප කියූ කවිවැල් පියාණෙනි ඔබ වෙනස් කළා සැනසෙන් පියාණනේ// බා ලොලි ලොලි...
Singers
Data
Last updated May 2026