Font size:
කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී වැව පුරා රතු නෙළුම් පිපුණේ // නුඹ බලන්නයි අරුන්දතී කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී ඇල් හේන දෙපසේ මල් සුවද අතරේ සහන් සුව රැඳුනේ පූදින නාමල සේමා කෝමල හසරැලි පාලා නුඹ නෙතු මුණ ගැසුනේ කරඹ යායේ .... ගිනි අව්ව නිවිලා සිත සනසාලා වසන්තයයි එන්නේ රන්වන් මාලා දාලා රන්වන් සේලේ ඇඳලා නුඹ කැන්දන් යන්නේ කරඹ යායේ .... කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී
Singers
Data
Last updated May 2026