නළඟන
Nalagana
Music: පසන් ලියනගේ Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා මත්වී රස දෙතොලින් මං ආදරේ ලිව්වා රත්වී මුදු හැඟුමන් ඔබ හා වෙලී උන් මා දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා මායාවී දියවෙන්න මී විතේ මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ නළඟන ඔබමය මේ රැයේ මට රහසින් ඉඟි කරනා මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ මඳ සිහියෙන් රස විඳිනා ළැම ගැස්සෙන තාලේ නුවන් පුරා වින්ඳා හසඟන සම රූපේ නුරා දැහැන් බින්ඳා ඉන ලඟ සුදු නෙරියේ විසේ වැඩී හින්දා ලඟටම ගෙන ආදරෙන් මං හාදුවක් දුන්නා මායාවී දියවෙන්න මී විතේ මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ නළඟන ඔබමය මේ රැයේ මට රහසින් ඉඟි කරනා මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ මඳ සිහියෙන් රස විඳිනා රතු දෙකන් පෙති හිමින් විකා යන සැනින් උමතු සිතින් බැලුවා මං හිමින් සීරුවෙන් දෙතොල් මල් දිගේ කවි පෙළක් ලිව්වා ළය පුරා පීරමින් දෙතොල් හූරමින් ඇස් පියා ගත්තා මං කෝඩුකාර ආදරේ වින්ඳා මායාවී දියවෙන්න මී විතේ මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ (නළඟන ඔබමය මේ රැයේ මට රහසින් ඉඟි කරනා මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ මඳ සිහියෙන් රස විඳිනා)...//