Font size:
පියාපත් දෙන්න මට ඉගිලෙන්න හිස් අහස පුබුදන්න දිගු නින්ද සෙමින් මුදු වදනකින් ගඟක් සේ ඉඩ දෙන්නගලන්නට ජිවිතේ බලා ඉමි එනතුරා ඔබම වෙත සෙනෙහසින් දවස පුබුදන සිනා හෙට දිනේ ලැබේ දෝ ගිම් නිවන පවන් පොද කඳු මතින් නැගේදෝ සිනා පිරි සැඳෑවේ සුසුම් සුව දැනේදෝ අඳුර තිර දෙපළු වී ඔබේ රුව පෙනේ දෝ සතුට පිරි මතකයේ මිහිර ඉහිරුණු හිතේ ඔබෙන් සැදි මගෙ ලොවට අත වනමි අද දිනේ පුරා හඳ ඇති රැයක් ලෙස දැනෙයි ජිවිතේ සුන්දරයි මගේ ලොව ළඟා වන මතු දිනේ
Singers
Data
Last updated May 2026