Home/Songs/ලස්සන නම්

ලස්සන නම්

Lassana Nam

Font size:
ලස්සන නම් නෑ පෙනෙන්නේ 
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන් 
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපයකී....

උකුල් තලා සළා ආ නාරි ලතාවෝ 
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහෝදෝ....

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ 
සුසුම් හෙළයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිදීලා - පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.