Home/Songs/හිත හංගලා නැවතිලා

හිත හංගලා නැවතිලා

Man Magemada (Hitha Hangala Nawathila)

Font size:
හිත හංගලා නැවතිලා බැලුවම මා මා දිහා
දැනෙනවා පෙනෙනවා මට මං නෑ කියා //

මං මගේ ම ද හිත මගේ මද
මං කවුරුදෝ හිත අහනවා //

කියන්නේ කාගෙ වචනද හිතෙන දේ නෙවෙයි
බලන්නේ පේන දේ මිස ඕන දේ නෙවෙයි
තප්පරයක් ගානේ බැදුවොත් හිත වෙනස් වෙලා
මන්තරයක් නැද්ද බලන්නට අපි අපෙම දිහා
රූකඩයක්දෝ මං සුළඟට නැටවෙන
මායාවක්දෝ මං මටවත් නොපෙනෙන

මං මගේ ම ද හිත මගේ මද
මං කවුරුදෝ හිත අහනවා //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.