Font size:
නිය රටා මවනවා අප අතරේ වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරෙන් නග්න වූ හිමිකම් සොයා උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා..... සරාගයේ රැයේ පිනි බිඳුවක් වී වැටී මා සිතේ හිඩැසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සද ඇතිරිල්ලේන් වෙලී තනිවුණා..... කාමරේ මුළු පුරා නෙක සලුපිලි තනිවෙලා මා සිතින් හඬනවා දෙස බල බලා මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා..... (සරාගයේ රැයේ පිනි බිඳුවක් වී වැටී මා සිතේ හිඩැසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සද ඇතිරිල්ලේන් වෙලී තනිවුණා ...///)