Home/Songs/ඔබ කතා කරනකල්

ඔබ කතා කරනකල්

Oba Katha Karanakal

Font size:
ඔබ කතා කරනකල් බලාන උන්නා
දැන් දැන් දැන් ඔබ කතා කරයි කියලා
මගෙ හිත අතගා තුරුලට වීලා
හීන ඈතට ඈතට ගෙනියනවා

වෙනසක් මට දැනුනා කඳුළක් නෙත තෙමුවා
වරදක් වුනි ද කියා හිත මට දොස් කීවා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හඳුනා ගත්තා

ඔබ කතා කරනකල් .......

හැබැහින් ඔබ දැකලා මුව ගොළුවී යනවා
කෙලෙස කියන්න ද මා බැඳුණු සෙනෙහෙ පෙරදා
ආදරේ කිමැයි කියා මා ඔබගෙන් හඳුනා ගත්තා

ඔබ මට කතා කරනකල්  ........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.