Home/Songs/සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු

සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු

Sithak Bidunu Pasu Kothek Kalath Osu

Font size:
සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු
පලක් නොවේ ලඳුනේ
ඉතිං තවත් කල් රැඳී පලක් නෑ
ඔබ මගෙ සෙවණේ //

බිඳෙන බදුන් සේ සුරකිනු බැරි නම්
විශ්වාසය සැමදා //
සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා

සිතක් බිඳුනු ....

ඔබ මට මට තේරුම් ගන්නට
නොහැකි නම් කිසිදා //
මගේම අඳුරු ලොව තනිවෙන්නම් මා 
ඔබට සැපක් වෙනදා 

සිතක් බිඳුනු ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.