Home/Songs/කුස්සියේ

කුස්සියේ

Kussiye

Music: සුනිල් පෙරේරා Lyrics: චන්ද්‍රදාස ප්‍රනාන්දු
Font size:
අද කට්ටිය ඔක්කොම කුස්සියේ 
මොනවද කරන්නේ 
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ 
මොකක්ද කලබලේ
අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා 
අම්මත් අද ඉන්නේ 
අපි කුස්සියේ අපි කුස්සියේ 
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ......

කපනවා කපනවා කපනවා කපනවා 
කපලා ඉවරෙකුත් නෑ
එහාට දුවනවා මෙහාට දුවනවා තාම කෑම රෙඩි නෑ
රස කෑමක් හදලා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ
ඔයාට තියෙන්නේ කන්නයි ඇයි කලබල වෙන්නේ
කන් කන් බූරු සිං සිං ඤෝරු
අනේ මගේ ඩාලිං......

අද කට්ටිය ඔක්කොම......

අම්මටසිරි අද කට්ටිය සෙට් වෙලා
මොනවද කරන්නේ
මාස්ටර් චෙෆ්ලා ඔක්කොම ඇවිල්ලා
මොනවද හදන්නේ
හැබැයි too many cooksලා boil the soup කියලා කියනවානේ
නෑ නෑ අද වරදින්නේ අපේ හෙඩ් චෙෆ් ඉන්නවනේ....

අද මොනවද හදලා තියෙන්නේ
අපි හැදුවොත් නෑ වරදින්නේ
හොඳ සුවඳක් මට දැනෙන්නේ
කාලම බලලා කියන්නේ
අපේ චෙෆ්ලාගේ වැඩ නම් නියමයිනේ
අපි කුකරි ක්ලාස් ගිය කට්ටියනේ......

අපි කුස්සියේ අපි කුස්සියේ 
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ......
අද කට්ටිය ඔක්කොම......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.