Home/Songs/යාළුවෝ කට්ටියක් එක්ක

යාළුවෝ කට්ටියක් එක්ක

Yaluwo Kattiyak Ekka

Font size:
යාළුවෝ කට්ටියක් එක්ක
වෙලේ ඉඳන් කොළ අලවපු සරුංගලේ
දේදුන්නත් පසු කරගෙන කොහේ ගියාදෝ
කොහේ ගියාදෝ…//

පාට පාට සමනලයෝ සරුංගලේ වට කරගෙන
සමනල කන්දටත් උඩින් ඈත ඈත ඉගිලුණා
ඈත ඈත ඉගිලුණා…

සුරංගනාවියෝ හිනැහෙන දෙව්ලෝකෙට ඉගිල ගිහින්
සුරංගනාවියොත් එක්ක සතුටින් සෙල්ලම් කළාදෝ
සතුටින් සෙල්ලම් කළාදෝ…

ඒ ලෝකෙදී වැස්ස ඇවිත් සරුංගලේ ෙස්දුණාද
දෙවියෝ ඒ පාට අරන් දේදුන්නේ තැවරුවාද
දේදුන්නේ තැවරුවාද…

යාළුවෝ කට්ටියක්…//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.