Home/Songs/මනුසතා

මනුසතා

Manusatha

Music: ඉරාජ් Lyrics: ඉරාජ්
Font size:
දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා.....

ප්‍රථමයෙන් සමවෙන්න 
කල පව් වලට පිනක් හොයන් 
ලියනව නෙමෙයි මේක
තිබ්බ කොටියට තිතක් කොමාවක් 
දාල පටන් ගත්තෙ ඇයි තව විසක්
තරුණයෙක් මම තරුණයෙක් උඹ 
අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ
නිවපු ගින්නේ අලු නැති වෙන්න පෙර
මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට
බෞද්ධයෙක් මුස්ලිම් කරගද්දී
මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී
දෙමළ තරුණයට කොටියා කියද්දී
කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී
 නිල් පාටයි නිදහස් අහස
කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග
ලස්සනයි පන්සලෙ බණ පෝය දාට
අම්ම කුණුහරප කියනවද තියද්දි පහන
මැද පෙරදිග අමුතුම නීතියක්
කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්
පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්
සමාවෙයන් උනා නම් අපෙන් වෙනස්කමක්......

දෙව් බඹුන්ද.....//


දර්ගා නගරය සිදුවුන තැන මගෙ උපත
පල්ලියත් හුරුයි වගේම පිරිත
කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට
පල්ලිය පාරෙ මග ‍රැකවල් දිගට
කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක්
යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්
ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්
උපාධියත් බල්ලොන්ට දාන්න වෙන තත්වයක්
‍රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව
ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව
පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන
බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට
පන්සලට ගිහින් මම පූජ කළා මලක් 
ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්
පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්
පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්
අනිත්‍ය ලෝකේ මරණය නියතයි
තැන තන මරාගන්න හැටි මට තිත්තයි
මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි
යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි.......

  
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.