Font size:
කළිදු ගංගා දෙනියෙ වන තීරේ
ගෝවින්ද කොතැන සැගවුණිද මට නොතේරේ
පිය තුමනි නන්ද හා කොහෙද ඔබේ පුතනූ
මා ඔහුගෙ ප්‍රියාවය සැගවුණු තැන කියනූ
කළිදු ගංගා දෙනියෙ වන තීරේ
(පළුපත් යහනකි මේ ඔහු සැතපුණු
ඔහුගේ සිරුරේ සුවඳයි මේ...//)
(ලඳකගෙ මිණි කොඩොලේ සුන්බුන් මේ...//)
ආ.... හා.. බැඳුනිද කාමිණියක හා
(නිල් දිය පොකුණකි මේ ඔහු කිමිදුනු
ඔහුගේ සිරුරේ සිහිලයි මේ...//)
(ලඳකගෙ මිණි මෙවුලේ මුතුකැට මේ...//)
ආ..... හා.. බැඳුනිද කාමිණියක හා
කළිදු ගංගා දෙනියෙ වන තීරේ......