Home/Songs/අවසාන වසන්තය

අවසාන වසන්තය

Awasana Wasanthaya

Font size:
අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින්
ඔබ නෙළා නොගත් මල යළිත් ඔබට පුදමින්
අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින්

මල් උයන් තෙරේ ඔබ සක්මන් කරනා
ආඩම්බර හැන්දෑවේ ඉරත් යන්න හැරුණා
නෙත් වසා තවම ඔබ සිතට රිදුම් දෙනවා

අවසාන වසන්තය .....

දුර අහස් බිමේ තණපත් වල ගලනා
නෙත නොනිදන රෑ යාමේ තරුත් බලා උන්නා
නිල් නුවන් වසා ඔබ යළිත් ඉවත හැරුණා

අවසාන වසන්තය ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.