Font size:
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැද්දන් දැක ගත්තා වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන් ඕයේ ඔජායේ ඔයේ ඔජායේ.... ඕයේ ඔජායේ ඔයේ ඔජායේ.... දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනැල්ලා ආයුධ වලින් කරපු ශිල්ප පෙන්නුවා මී පැනි පොවලා මුව ගෝන මස් හදාලා කෑමක් දීලා සංගීතයක් දමාලා වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්‍රීතියෙන් ඕයේ ඔජායේ ඕයේ ඔජායේ.... ඕයේ ඔජායේ ඕයේ ඔජායේ.... නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ බැදුනත් හිත මගෙ කර ගන්නට ඈ බාරී මට බය හිතුනා ඈ හරි කටකාරී ආසා හිතුනා ඈ කිවුටී මිහිරී නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ වැද්දන් අතරේ මේ ගුණ දම් ඇත්තේ නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ තාමත් රැව් දෙයි වැදි ගී නාදේ ඕජායේ... ඕයේ ඔජායේ ඕයේ ඔජායේ.... ඕයේ ඔජායේ ඕයේ ඔජායේ....