Home/Songs/සුදට සුදේ වළාකුළයි

සුදට සුදේ වළාකුළයි

Sudata Sude Walakulayi

Font size:
සුදට සුදේ වළාකුළයි - නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පණිවිඩයයි - පුතුට මගේ ගෙන එන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා 
බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වලා - කුළු අටවාගෙන එන්නේ
හඳ මාමයි සිනා සෙසී - රිදී පාර අල්ලන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා 
බයි බයි බයි බයිය පුතා

හඳපානේ මද සුළඟයි - ඒ පණිවිඩය ගෙන්වන්නේ
අහසේ රන් තරුවක් වී - දෙවියන් එය ලියවන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා 
බයි බයි බයි බයිය පුතා

තව මූණකි පුතුලෙ වගේ - කන්දේ ඒ බැබළෙන්නේ
ඒ මූණයි මේ මූණයි - තව ටිකකින් සිප ගන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා 
බයි බයි බයි බයිය පුතා




Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.