Font size:
කුරුල්ලනේ නුඹලගේ සංතෝසය මදකට අපට දියව් විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව් කෝටු කෑළී දර පිදුරු ගෙනත් ඔය කැදැල්ල බඳින නියා නුඹලයි දන්නේ අප දන්නේ නැත කොයි විලසටද කියා කොයි විලසටද කියා කිචි බිචි ගාමින් ගී හඬ පතුරන ඉඳගෙන එක අත්තේ සමගිය සාමය පිළිබඳ පාඩම කොහොමද දැන ගත්තේ කොහොමද දැන ගත්තේ පියපත් සලලා නිසිතැන් බලලා කොයිබද ඉගිලෙන්නේ කවුරුද නුඹලා ගයනා ගීතෙට තනුව සදා දුන්නේ තනුව සදා දුන්නේ
Singers
Data
Last updated May 2026