Font size:
එක හුස්මක උණුහුම ලබන්න මගෙ දෙකොපුල් අයදිනවා ඔබෙ නළලත සිප සනසන්නට දෙතොළත අද ලතැවෙනවා පපුතුරේ සැනහෙන්නට ඔබ ඈත හිඳන් මඟ බැලුවට මගෙ සුරංගනාවිය අහන්න අප දෙදෙනා මිහිකත දෙතැනක එක හුස්මක උණුහුම ලබන්න..... ඔය හඬ සවනත රැව් දුන්නද නුඹ ඈතයි දන්නවා නිල් දෙනෙතේ කැලුමන් තිබුනද කඳුලැල් එය පරදනවා පෙරදාක සොඳුරු මතකය සිහි කරමින් නුඹ අද හැඬුවට මගෙ සුරංගනාවිය අහන්න හුස්මත් නුඹෙ හදවත තුල එක මොහොතක සඳ දැකගන්නට..... සඳ කැන් විහිදී මුළු අහසෙම තනි තරුවද හිනැහෙනවා කෙහෙරැල් සිපගනිමින් මදනල නුඹෙ සුවඳ අරන් එනවා නෙතු කඳුළැලි පිසදා සනසන දුක් ඝනඳුරු පරදන සඳවත මගෙ ජීවිත පද වැල අමුණන ආදරයේ සංගීතය..... එක හුස්මක.....