Home/Songs/සිතක ආශා

සිතක ආශා

Sithaka Asha

Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
සිතක ආශා සංසිඳේ
ඔබ නිසා සිසිකෝ
සිතක ආශා නොසංසිඳේ
ඔබ නිසා නිෂාකෝ...//

සීත ගඟුලැල් කියයි
ආදරේ වාසනාවන්
පිපුණ චෙරි මල් කියයි
ආදරේ වාසනාවන්
හිම පිරීලා ෆූජි කන්දේ
මේ වසන්තේ...

සිතක ආශා...

මිලින දෑසක් දකී
ආදරේ වේදනාවන්
සැලෙන හදවත් දකී
ආදරේ වේදනාවන්
හිම වැටේදෝ ෆූජි කන්දේ
එන වසන්තේ...

සිතක ආශා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.